Header Ads

මාතර පාසලක 8 පන්තියේ සිසුවිය හෙරොයින් සමග අත්අඩංගුවට

මාතර පාසලක 8 පන්තියේ සිසුවිය හෙරොයින් සමග අත්අඩංගුවට

හෙරොයින් පැකට්ටුවක් තම සන්තකයේ තබාගෙන සිටි පාසල් ශිෂ්‍යාවක් පෙරේදා (29දා) මාතර ගන්දර ප්‍රදේශයේ පාසලකදි අත්අඩංගුවට ගත්බව ගන්දර පොලීසිය පවසයි. 8 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දාහතර
හැවිරිදි පාසල්
ශිෂ්‍යාවක මෙසේ අත්අඩංගුවට පත්ව ඇත. සැකකාර ශිෂ්‍යාව සතුව තිබූ හෙරොයින් මිලිග්‍රෑම් 60ක්ද අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

ගුරුවරියකට ලද තොරතුරකට අනුව කළ වැටලීමකදී සැකකාර ශිෂ්‍යාව විසින් මුඛයේ සගවාගෙන සිටි හෙරොයින් පැකට්ටුවක් හා රුපියල් දහසේ නෝට්ටුවක් පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට පත් සැකකාර ශිෂ්‍යාව අධිකරණයට   ඉදිරිපත් කිරීමට නියම්තව තිබිණි.


-නිමල් ලන්දගේ-
Powered by Blogger.