Header Ads

ජනාධිපති අපේක්ෂක අනුර කුමාරගේ සිකුරිටි මාධ්‍යවේදියාට තර්ජනය කළැයි පැමිණිල්ලක්

ජනාධිපති අපේක්ෂක අනුර කුමාරගේ සිකුරිටි මාධ්‍යවේදියාට තර්ජනය කළැයි පැමිණිල්ලක්

ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක  මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් විසින්  පොළොන්නරුව ප්‍රාදේශීය මාධ්‍යවේදී අසේල ධර්මවර්ධන මහතාට මැර තර්ජනය සිදුකිරිමේ  සිද්ධියක්
සම්බන්ධයෙන් ඒ මහතා විසින් කදුරුවෙල  පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.පොළොන්නරුව කදුරුවෙල නගර මධ්‍යයේ පැවති ජාතික ජනබලවේගය ජනාධිපතිවරණ
ප්‍රචාරක රැලියක් අතරතුරදී වේදිකාවට ගොඩ වු තමන්ට අනුර දිසානායක මහතාගේ පෞද්ගලික නිලධාරීන් පහරදීමට උත්සාහ
කර වේදිකාවෙන් බිමට ඇද දැමූ බව ඒ මහතා පොලීසියට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.


 අනුර දිසානායක මහතා රැලිය ඇමතීමෙන් පසු පිටත්ව ගිය විගස තමන් අසලට පැමිණි අනුර දිසානායක මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් තමන්ට තර්ජනය කළ බව ඔහු විසින් පොලීසියට ඉදිරිපත් කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සදහන්ය.  අනතුරුව මෙම ආරවුල විසදීමට ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාද මැදිහත්ව ඇත,මේ පිළිබඳ අදහස් දැක්වූ ධර්මවර්ධන මහතා පවසා සිටියේ තමන් වේදිකාවට ගොඩවූයේ පොලිස් නිලධාරීන්ගේ අවසර ඇතිව බවත් ජනතාව රැලියට සවන් දෙන දර්ශන ලබාගැනීම තම අරමුණ වු බවත්ය.

පොළොන්නරුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ.පී.ධම්මික වීරසේණ්ඩාර මහතාගේ උද්දෙස් පරීදි පොළොන්නරුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජරුල් මහතා ඇතුළු නිලධාරිහු පිරිසක් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වති.

-ඩබ්.ඒ.පියතිලක-
Powered by Blogger.