Header Ads

වනාතවිල්ලුවේ සහරාන්ගේ නිවෙසේ රහසිගත කැනීමක්

වනාතවිල්ලුවේ සහරාන්ගේ නිවෙසේ රහසිගත කැනීමක්

වනාතවිල්ලුව, ලැක්ටෝවත්තේ කිසියම් පිරිසක් රහසිගතව සිදුකළ කැණීමක් පිළිබඳව රජයේ රස පරික්ෂක සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත. වනාතාවිල්ලුව, ලැක්ටෝ වත්තේ නිවසේ ඇතුළත පොළොවේ කොන්ක්‍රීට් තට්ටුව දින කීපයකට පෙර කඩා එහි අඩි කිහිපයක්
ගැඹුරට කැණීම් සිදුකර තිබීම සම්බන්ධ වනාතවිල්ලුව පොලිසිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හා රජයේ රස  පරික්ෂකවරයා දැනුවත් කර තිබිණි. ඒ අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සහකාර රුෂාන් ප්‍රනාන්දු මහතා ඉකුත් 29 වැනිදා දහවල් අදාළ ස්ථානයට පැමිණ පරික්‍ෂණ ආරම්භ කර තිබුණි.
අපරාධ පරීක්‍ෂණ දෙපාරතමේන්තුවේ විශේෂ කණ්ඩායමක් ද මෙම පරික්ෂණ සඳහා එක්වී ඇත.

වනාතවිල්ලුව, ලැක්ටෝ වත්ත නිවසේ තිබූ පුපුරන ද්‍රව්‍ය විශාල තොගයක් පසුගිය ජනවාරි 16වැනිදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් සොයාගනු ලැබූ අතර එහිදී සැකකරුවෝ සිවුදෙනෙක්ද අත්අඩංගුවට ගනු ලැබුහ. ඉන් පසුව අවස්ථා කීපයකදී මෙම ඉඩමේ තිබී ගිනි අවි සහ තවත් දෑ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගනු ලැබීය. පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ක්‍රියාකාරකම් මෙම ඉඩමේ සිදුවී ඇති බව ආරක්‍ෂක අංශ සනාථ කරගෙන තිබිණි. එම පරීක්‍ෂණවලට අනුව අදාළ නාඳුනන පිරිස සිදුකළ කැණීම් සම්බන්ධව දීර්ඝ නිරීක්‍ෂණයක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම අරඹා ඇත.

රජයේ රස පරික්ෂක වෙනුවෙන් පැමිණි නිලධාරින් අදාළ නිවස හා අවට පරික්ෂණයක් සිදුකර එහි තිබූ ඇතැම් සාම්පල ලබාගෙන ඇත. මේ අවස්ථාවට වනාතවිල්ලුව පොලිසියේ නිලධාරිහු සහ පුත්තලම මුලස්ථෘන පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීහු එක්වී සිටියහ.
Powered by Blogger.