Header Ads

අද මධ්‍යම රාත්‍රියේ සිට ගුවන් මගීන්ට මෙරටට ඇතුළු වීම තහනම්

අද මධ්‍යම රාත්‍රියේ සිට ගුවන් මගීන්ට මෙරටට ඇතුළු වීම තහනම්


කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් 43 දෙනෙකු මේ වන විට මෙරටින් හදුනාගෙන ඇති බව සෞඛ්යල අංශ පවසයි.
ඊයේ(17) දිනය තුළ පමණක් නව රෝගින් 15 දෙනෙකු හඳුනා ගෙන තිබේ.
මේ අතර කොව්ඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය මෙරට තුළ ක්රිතයාත්මක වීම පාලනය කිරීම සඳහා මෙරටට  ගුවන් යානා  පැමිණීම අද(18) සිට නතර කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රී 12.00 සිට සති 2 ක කාලයක් සඳහා මෙය ක්‍රියාත්මක කරන ලෙස  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී ඇති බව සඳහන් වෙයි.
කෙසේවෙතත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා සාමාන්‍ය පරිදි මෙරටට පැමිණෙනු ඇති.
එමෙන්ම මෙරටින් මගීන්ට පිටවීම සහ අතරමැදි ගුවන් මගී හුවමාරු කටයුතු ද සාමාන්‍ය ආකාරයෙන් සිදුවන බව සඳහන්.
Powered by Blogger.