කාමර කුලියට ගෙන රන්බඩු , සල්ලි උස්සන කාන්තාවක හසුවේ
කාමර කුලියට ගෙන රන්බඩු , සල්ලි උස්සන කාන්තාවක හසුවේ

අමිතිරිගල ටුවිස්හෑන්ඩ්වත්ත පදිංචි වීරකෝන් මුදියන්සේලාගේ රම්‍යවති කුමාරිහාමි නමැත්තිය එසේ රිමාන්ඩ් කරනු ලැබුවාය.
ඌරාපොල සිරිසඟබෝමාවත දිනාපමුණුවේ නිවසක තිබූ රුපියල් එක්ලක්ෂ හැත්තෑ දහසක් වටිනා රන් භාණ්ඩ සොරාගෙන යාමේ සිද්ධියක් පිළිබඳව නිට්ටඹුව පොලිසිය
සැකකාරිය හොර කල්ලියක නායිකාවක් බවට සැක කරන බවත් මෙවැනි සොරකම් නඩුවකට මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ වරෙන්තුවක් පවතින බව පොලිස් සැරයන්වරයා කීය. මේ අයුරින් තවත් සොරකම් ගණනාවක් කර ඇති බවට සැක කරන හෙයින් ඒ පිළිබඳව වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යන බවද පොලිස් සැරයන්වරයා පැවසීය. නිට්ටඹුව පොලිස් සැරයන් එච්.ඇම්.රෝහණ මහතා පැමිණිල්ල මෙහෙයවිය.
Post a Comment